ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර්, ප්‍රංශය, ජෝර්දානය, ඕමානය සහ මැලේසියාව යන රටවල නායකයන් සමඟ සාකච්ඡා කර ඇති අතර, මැද පෙරදිග පවතින තත්ත්වය පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබෙනවා.
එම සාකච්ඡාවල දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මැද පෙරදිග ගැටුම් සමනය කිරීමට උත්සාහ කරමින්, කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්රහාරයන් දැඩි ලෙස හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නායකයන් පස්දෙනා සමඟ වෙන වෙනම පැවැත්වූ දුරකථන සංවාදවලදී, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබුණා.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත සහ නිදහස් නාවික ගමනාගමනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද ඔහු මෙහිදී අවධාරණය කළ බව වාර්තා කරන එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන්දියාව කටාර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් සිටින බවත්, කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් හෙළා දකින බවයි.
කටාරයේ එමීර් තමිම් බින් හමාඩ් අල් තානි සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, ඉන්දියාව කටාර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් සිටින බවත්, කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවයි.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ නිදහස් නාවික ගමනාගමනයේ වැදගත්කම ද ඔවුන් සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.