හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් රටවල් හයක නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් රටවල් හයක නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ජපානය යන රටවල නායකයින්ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.



ගල්ෆ් කලාපයේ නිරායුධ වාණිජ යාත්‍රාවලට සහ තෙල් හා ගෑස් ස්ථාපනයන් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කෙරෙන ප්‍රහාර මෙන්ම ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම දැඩි ලෙස හෙළා දකින බවයි අදාළ ප්‍රකාශයෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, ඉරානය එල්ල කරන ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර සහ වාණිජ නැව්ගත කිරීම අවහිර කිරීමට ගන්නා වෙනත් උත්සාහයන් වහාම නතර කරන ලෙසත්, ජාත්‍යන්තර නැව්ගත කිරීම්වලට සිදුකරන අතපෙවීම් නතර කරන ලෙසත් ඔවුන් එමගින් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම, තෙල් හා ගෑස් ස්ථාපනයන් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර වහාම පුළුල් ලෙස අත්හිටුවන ලෙස මෙම ඒකාබද්ධ ප්‍රකාශය මගින් අදාළ රටවල නායකයින් ඉල්ලීමක් කර ඇති අතර, සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා සුදුසු උත්සාහයන්ට දායක වීමට පිළිබඳ සිය සූදානම පෙන්වා දී ඇති බව සඳහන්.

Search