ඉරානය ඊශ්‍රායලයට එරෙහිව සිය හමුදා ප්‍රතිචාරය අඛණ්ඩව කරගෙන යාමට අදහස් කරන බවත්, එහි න්‍යෂ්ටික යටිතල පහසුකම් ඉලක්ක කළ හැකි බවත්, ජ්‍යෙෂ්ඨ ඉරාන ආරක්ෂක නිලධාරියෙක් RT පුවත් සේවයට පවසා තිබෙනවා.
RT හි ටෙහෙරාන් කාර්යාංශයේ ප්‍රධානියාට ලබා දුන් සුවිශේෂී ප්‍රකාශයකින්, අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ එම නිලධාරියා පැවසුවේ, ඉරාන සන්නද්ධ හමුදා දවස පුරා මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම් පවත්වාගෙන යන බවත්, විශේෂයෙන් “අත්පත් කරගත් භූමි ප්‍රදේශ සහ ඊශ්‍රායල බලකොටු” ඉලක්ක කරන බවත්ය.
ඉරානයේ ප්‍රතිචාරය “පළිගැනීම පිළිබඳ අල් කුර්ආන් උපදෙස්” අනුගමනය කරන බවත්, “ඊශ්‍රායල පාලන තන්ත්‍රය ඉරාන භූමියට පහර දෙන ඕනෑම ප්‍රමාණයකට සහ ඕනෑම තැනකට” ඉරාන හමුදා ප්‍රතිචාර දක්වන බවත් එම නිලධාරියා අනතුරු අඟවා ඇත..
කෙසේ වෙතත්, “ඉරානයේ සදාචාරාත්මක මූලධර්ම” මත පදනම්ව, රෝහල්වලට කිසිදු ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ද ඔහු සඳහන් කළේය.
“අත්පත් කරගත් භූමි ප්‍රදේශයේ රෝහලකට ඉරානය පහර දුන් බවට සියොන්වාදී පාලන තන්ත්‍රයේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි” යැයි එම නිලධාරියා අවධාරණය කළේ ය
ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්ට දැවැන්ත ප්‍රහාරයකට ඉරානය සූදානම් වෙයි
