යුද්ධයට මැදි වුනොත් ඇමරිකාවට වෙන දේ හිතාගන්නවත් බැරිවේවි !!. යටත් වෙන්න තරම් ඉරානය බය ගුලුත් නෑ-- කමේනි අනතුරු අඟවයි !!

 යුද්ධයට මැදි වුනොත් ඇමරිකාවට වෙන දේ හිතාගන්නවත් බැරිවේවි !!. යටත් වෙන්න තරම් ඉරානය බය ගුලුත් නෑ-- කමේනි අනතුරු අඟවයි !!

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම උත්සන්න වෙමින් තිබියදී ඉරාන අධ්‍යාත්මික නායක අල් කමේනි පිළිබඳ දැඩි කතාබහක් පවතී .

.ඒ ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති බවට පලවන වාර්තා හමුවේ. මෙම ජීවිත තර්ජනය හමුවේ කමේනේ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ භූගත බංකරයක සැඟවී සිටින බවටද වාර්තා විය.

ඒ අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් නම් පැවසුවේ තමන් කමේනි සිටිනා ස්ථානය පිළිබඳ දැනුවත් බවයි.

එමෙන්ම දැනට ඇමරිකාව ඉරානයේ උත්තරීතර නායක කමේනි ඝාතනයට ක්‍රියා නොකරන බවද තම පැවසුවේය. එහෙත් කමේන යනු ඇමරිකාවට පහසුව ඉලක්කයක් බැවින් ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට ඇමෙරිකානු නායකයා අවධාරණය කර තිබිණ ..

මේ අතර අල් කමේනි පවසන්නේ තමා ඇමරිකාවට කිසි දිනක යටත් නොවන බවත් ඇමෙරිකාවට මේ යුද්ධයට අත දාන්නාවොත් හොඳ පාඩමක් උගන්වන බවත්ය

Search