හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටින බව වාර්තාවනවා.
ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබුණු නමුත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටිනවා.
බොහෝ අය රනිල්ට යෝජනා කළේ සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට එන ලෙසයි.
සිංගප්පූරුවේම විවේක ලබා ගනිමින් ටික කාලයක් ගත කළ යුතු බව සමීපතමයන්ගේ අදහස වී තිබෙනවා.
නමුත් රනිල්ගේ දැඩි ස්ථාවරය වන්නේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බවයි.
නිවසේ සිට හෝ අදාල දේශපාලන වැඩ මෙහෙයවීම රනිල්ගේ අදහසයි.
ජනතාවට අසීරු කාලයකදී ශ්‍රී ලංකාවේ සිටිය යුතු බව රනිල්ගේ ස්ථාවරයයි.
ඒ අනුව ඉදිරි දින දහය ඇතුළත රනිල් නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
රනිල් ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අදාල වැඩ කටයුතු දිගටම කරගෙන යමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විටින් විට දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටිනවා.