ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධ කාරණයේදී, මේ වන විට මුහුණ දීමට සිදුව ඇත්තේ ලෝක තත්ත්වයකට බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.
ඒ අනුව, එදා රුපියල් 332 ක් වූ පෙට්‍රල් ලීටරය, අද වන විට රුපියල් 317 ක් වන බවත්, එය වත්මන් ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේ පැවති මිලට වඩා රුපියල් 15 ක අඩුවීමක් බවත් උත්සවයක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එදා රුපියල් 307 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල අද වන විට රුපියල් 302 ක් බවත්, ආණ්ඩුව භාරගන්නා අවස්ථාවේදී රුපියල් 202 ක් වූ භූමිතෙල් ලීටරයක මිල අද වන විට රුපියල් 195 ක් බවත් ඔහු ප්‍රකාශ කළා.
මෙලෙස මිල වැඩි කිරීම කැමැත්තෙන් සිදු කරන දෙයක් නොවන බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.මහජන ප්‍රතිචාර