බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයේදී, ලෝකයේ යුද්ධයක් පවතින බව පවසමින් රජය අත පිසදා ගැනීමට උත්සාහ කරන බව සර්වජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
රජයේ තිබෙන නොහැකියාව නිසාම මතුවෙමින් පවතින ගැටලු බොහොමයකට නුදුරු අනාගතයේදීම ජනතාවට මුහුණ දීමට සිදු වන බවයි ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
කොන්දේසියකින් තොරව, විපක්ෂයක් ලෙස එක් වී, ජනතාවට එවැනි දුෂ්කර තත්ත්වයක් අත් නොවීමට රජයට බලපෑමක් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.