ආරක්ෂක අංශ හා බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වී තිබෙනවා - මුජිබර් රහුමාන්

ආරක්ෂක අංශ හා බුද්ධි අංශ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වී තිබෙනවා - මුජිබර් රහුමාන්

අත්අඩංගුවට ගෙන ඇති රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ නැමැත්තාට චෝදනා රාශියක් එල්ල වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඔහු යටතේ සිටි කණ්ඩායම මෙයට සම්බන්ධ වී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සාක්ෂිවල සහ අසාත් මවුලානා ලබා දුන් කටඋත්තරවල සඳහන් වූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය පිපිරෙද්දී නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටින බවත්, මෙම පරීක්ෂණය සාධාරණව ඉදිරියට ගෙන යනවා නම්, ඔහු තනතුරෙන් ඉවත් කර මෙය ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

ආරක්ෂක අංශ හා බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට හෙළි වී ඇති අතර, එදා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස සිටි පුද්ගලයා අද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිටීම පරීක්ෂණවලට බාධාවක් බවත්, මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙය නව දිශාවකට ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Search