ආසියානු සංවර්ධන බැංකුවවෙන් ලංකාව ඩොලර් මිලියන 790ක ණයක් ගනී.. ඉන් 370ක් අයවැය පියවන්නයි

 ආසියානු සංවර්ධන බැංකුවවෙන් ලංකාව ඩොලර් මිලියන 790ක ණයක් ගනී.. ඉන් 370ක් අයවැය පියවන්නයි

 

මේ වසරේ (2025) ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ කමි කඩොනො මහතා පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන වව්නියාවේ ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වෙමින් සිටියදී කළ වීමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.

මේ අතරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 370 ක් රජයට ප්‍රතිපත්ති පදනම් කරගත් ණය වැඩසටහන් හතරක් හරහා අයවැය මූල්‍ය කරණය වෙනුවෙන් ලබාදෙන බව ද කඩොනො මහතා කියා සිටියේය.

එසේම මේ වන විට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන අමෙරිකානු ඩොලර් බිලියන 2.95 ක් වටිනා ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද ඔහු කියා සිටියේය.

– දිවයින

Search