ජිනීවා සැසියේදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්

 ජිනීවා සැසියේදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්

60 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.


මේ අතර ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පවසා තිබුණේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළැඹෙන 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බවය. කැනඩාව සහ බ්‍රිතාන්‍ය එක්ව මෙම යෝජනාව ගෙන එන බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි.

මෙවැනි යෝජනාවක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය විජිත හේරත් මහතා කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා බීබීසීයට පවසා තිබිණි

Search