සජබ ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ සමග එජාපය ඉදිරියටත් එක්ව වැඩ කරනවා – එජාප සභාපති වජිර කියයි

සජබ ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ සමග එජාපය ඉදිරියටත් එක්ව වැඩ කරනවා – එජාප සභාපති වජිර කියයි

සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙසේද සඳහන් කර ඇත.

මූලික සාකච්ඡාවලදී එකඟතාවට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමට ද එක්සත් ජාතික පක්ෂය අදහස් කරයි.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විපක්‍ෂයේ පක්ෂ සමග සාකච්ඡා කළේය.

එම සාකච්ඡාවලදී එකඟතාවට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කියයි.

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කර තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා කියා සිටී.

Search