රනිල් වෙනුවෙන් කොළඹට ජන ගඟක්

රනිල් වෙනුවෙන් කොළඹට ජන ගඟක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවටගත් ආකාරයට මෙරට ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට එල්ල කළ මරු පහරක් බව පවසමින් ඊට එරෙහිව විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ පාක්ෂිකයන් රැසක් අද (26) මේ වන විට කොළඹට රැස්ව සිටිති.

වඩාත් සුවිශේෂ කාරණය වනුයේ මෙම පිරිස් ස්වේච්ඡාවෙන් සංවිධානය වී පැමිණ සිටීමයි.

විපක්ෂයේ පක්ෂ නායකයන් එම ජනතාවට නායකත්වය දෙමින් සිටින අතර ඔවුන් අවධාරණය කරන්නේ තමන්ගේ මේ විරෝධය ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන අවකාශය නැත්තටම නැති කිරීමේ කූඨෝපායක සිටින මාලිමා ආණ්ඩුවට මිස අධිකරණයට නොවන බවයි.

මෙරට සතුව කීර්තිමත් අධිකරණ පද්ධතියක් ඇති බවත් එකී කීර්තිය , යුක්තිය සහ සාධාරණත්වයේ නාමයෙන් ඉදිරියටත් රැකෙනු ඇති බව තමන් තරයේ විශ්වාස කරන බවද මෙම ජනතාව පවසයි.

මේ අතර පසුගිය ගෝල්ෆේස් අරගලයට පසුව විත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින වැඩිම නීතිඥයින් ප්‍රමාණය අද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනීසිටීම සඳහා අධිකරණයට පැමිණ සිටින බවත්, ඒ අනුව නීතිඥයන් 500 ක පමණ පිරිසකගෙන් අධිකරණ පරිශ්‍රය පිරීගොස් ඇති බවත් වාර්තා වෙයි

Search