කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලින් විපක්ෂයේ පාර්ශවකරුවන් විසින් ආරම්භ කළ ‘මර්දනයට එරෙහිව’ නම් විරෝධතාව හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ අධිකරණ පරිශ්‍රය පිහිටි කිව් වීදිය ආරක්ෂක අංශ විසින් වසා දමා ඇති අතර, ඉතා සීමිත පිරිසකට පමණක් එතුළට ඇතුළුවීමට අවසර හිමිව තිබේ.
බැරැක්ක මාවත දෙසින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක කඩාගෙන ඉදිරියට ඒමට උත්සාහ දරති.
ආරක්‍ෂක අංශ මැදිහත් වී මෙම තත්වය පාලනය කර ඇත.
පොලිස් ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කැරලි මර්දන ඒකකයක් මේ වන විට සීරුවෙන් තබා ඇත.
මේ වන විට වික්‍රමසිංහ මහතාට අදාළ නීති කෘත්‍ය යළි ආරම්භ කර තිබේ.
රෝහල්ගතව සිටින නිසා ඒ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටී