අද දවසේ වෙඩිල්ල බොරලැස්ගමුවෙන් – අයෙක් මරුට

අද දවසේ වෙඩිල්ල බොරලැස්ගමුවෙන් – අයෙක් මරුට

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙක්.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරනවා.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී දෙපාර්ශ්වයේම යම් සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පැවසුවා

Search