රජයේ අරමුදල් තිබුණත් නැතත් අපි අපේ ක්‍රමයට පළාත් පාලන ආයතන හරහා රට දියුණු කරමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
ලග්ගල, පල්ලේගම ප්‍රාදේශීය සභාවේ සහ අඹන්ගඟ කෝරළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සමඟ පෙරේදා (03) පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් පළාත් පාලන ආයතන ශක්තිමත් කරන ලෙසත් ප්‍රාදේශීය සභාවල පුනරාවර්තන සහ වැටුප් වියදම් 20%ක වගකීම පළාත් පාලන ආයතනවලට සහ නගර සභාවලට එම අගය 40% දක්වා වැඩි කිරීමට මේ මොහොත වන විට රජය කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත් මේ තත්ත්වය තුළ පළාත් පාලන ආයතන වෙත ජනතාවට සේවය කිරීම බොහෝ සෙයින් ඇහිරුණත් සමගි ජන බලවේගය වගකීම භාර ගත් පළාත් පාලන ආයතන ආදර්ශවත් පළාත් පාලන ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට පක්ෂයක් ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජයට රාජ්‍ය මුදල් බලය තිබෙනවා මෙන්ම සමගි ජන බලවේගයට ද යම් හැකියාවක් ඇති බවත් විවිධ කණ්ඩායම් පරිත්‍යාගශීලීන් ධානපතියන් පළාත් පාලන ආයතන සේවාව අගයන කණ්ඩායම් ගම් හදා නගර හදා රට හදන සංකල්පයට ගෞරවය ලබා දෙන මෙරට සහ පිටරට ජනතාව සම්බන්ධ කරගෙන පළාත් පාලන ආයතනවල ජීවත් වන ජනතාවට විශිෂ්ට ජනතා සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය