තමන්ට ඇති නඩුවලින් සියයට සියයක් දමා ඇත්තේ, මෛත්රීපාල සිරිසේන, රනිල් වික්රමසිංහ මහත්වරුන් නායකත්වය දුන් යහපාලන ආණ්ඩුවෙන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
එහෙත් තමන් ඒ කිසිවෙකුට වෛර නොකරන බවත් දේශපාලන නඩුවලට දේශපාලනිකව මුහුණ දෙන බවත් හෙතෙම කීවේය.. අපි මේ රටේ පුරවැසියන් විදියට ඕනෑම කෙනෙකු ඇසුරු කරනවා දේශපාලනික වශයෙන් විරුද්ධ මත තිබෙන තිබෙන්නත් පුළුවන් අපිව හිරේ දාන්න කටයුතු කරන අය වෙන්න පුළුවන් අපි ඒ අයට වෛර කරන්නේත් නැහැ. එහෙම කරානම් රනිල් වික්රමසිංහ මහත්මයා එක්ක ආණ්ඩුවක් හදන්න වෙන්නෙත් නැහැ. සිරිසේන ජනාධිපතිවරයා එක්ක දේශපාලනය කරන්න වෙන්නෙත් නැහැ. හිතේ කහටක් නැහැ. දේශපාලනිකව අපි ඒවට මුහුණ දෙනවා දේශපාලනික නඩුවලට දේශපාලනික මුහුණ දෙනවා මිසක් ඒවාට වෛර වෛරයෙන් මුහුණ දෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
මට නඩු දැම්මේ රනිල්-මෛත්රී..මම ඒ අයත් එක්ක කිසිම තරහක් නෑ --නාමල් කියයි
