ජුනි 18 දින කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනීය හා දියණිය ප්‍රකාශ ලබාදීමෙන් පසු අත්අඩංගුවට ගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිව ඔවුන් එම දිනයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය ..ඔවුන් ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් නිදහස් වූයේ ජූනි 19 වැනිදාය. කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලට ඇති මුදල් විශුද්ධිකරන චෝදනාවේ අගය රුපියල් දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දහක්වේ. ඒ යටතේ රුපියල් මිලියන 40ක වටිනාකමින් යුත් මහල් නිවාස රුපියල් මිලියන 20ක් වටිනා බෙන්ස් වර්ගය මෝටර් රථයක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් පවතී ..මේ වන විටත් එම මුදල් විශුද්ධිකරන විමර්ශනයට අදාළව ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් හතලියකට ආසන්න ප්‍රමාණයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්හිටුවා ඇත
පුතා හැර කෙහෙළිය පවුලම මුදල් විශුද්ධිකරණයට දැලේ!!!... දහතුන් කෝටි හතළිස් ලක්ෂ අනූ හත්දහක් ගැන හොයයි. ස්ථාවර තැන්පතු හා රක්ෂණ ආයෝජන 40ක් අත්හිටවයි!
