ඉරාන ඊශ්‍රායාල යුද්දය තුළ බරපතල මානුෂීය ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් එය එම රටවල් දෙකේ ජනතාවට පමණක් නොව මෙරටින් ඊශ්‍රායලයට ගොස් ශ්‍රමිකයන් ලෙස කටයුතු කරන 20000කට පමණ බලපෑම් සිදුව ඇති බවත් මේ ජනතාවගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබෙන බවත් එම නිසා ඒ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් මොවුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සුබසාධනය හා රැකවරණය වෙනුවෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ඉරාන ඊශ්‍රායාල යුද්ධය නිසා අප රටට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදීය.*
2024 වර්ෂයේ දී ඇ. ඩොලර් බිලියන 6.57ක් මොවුන් නිසා අප රටට ලැබු බවත් 80%ක් ශ්‍රමිකයන් මැදපෙරදිග බලප්‍රදේශයේ සිටින බවත් ප්‍රේෂණවල 10%ක් අඩු වුවහොත් එනම් ඩොලර් මිලියන 660ක අඩු විමක් සිදු වුවහොත් යුද්ධය පුලුල් වුනොත් රැකියා නැති වී අප රටට ද බරපතල ගැටලුවක් මතුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
*තෙල් මිල ගැන සැලකිලිමත් වෙන්න*
එසේම තෙල් මිල ඉහළ යාම 7%කින් සිදුව ඇති බවත් තෙල් බැරලයක් ඩොලර් 75ට ආසන්න වී ඇති බවත් ඩොලර් 10ක වැඩිවීමක් තුළ ඇ. ඩොලර් මිලියන 400ත් 500ත් අතර ප්‍රමාණයක් තෙල් මිලට එකතු වන බවත් වාර්ෂිකව ඇ. ඩො. බි. 4.5ක තෙල් ආනයනය කරන බවත් එය මුලු ආනයනයවලින් 25%ක් බවත් තෙල් මිල වැඩි වීමක් තුළ අප රටට අත්වන ආර්ථික ඉරණම තුළ හොද විශ්ලේෂණයක් කර ආර්ථිකයට අත්වන අගතිගාමී තත්ත්වය මගහරවා ගැනීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*අප රටේ තේ අපනයන ගැනත් සැලකිලිමත්විය යුතුයි*
ඉරානය යනු අප රටේ තේ අපනයන ගමනාන්ත අතර 7 වැනියට විශාල රට බවත් 2024 වසරේ කිලෝ මි. 10.4ක් තේ ඉරානයට අපනයනය කර ඇති බවත් මැදපෙරදිගට පමණක් 40%ක් යන බවත් යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් තේ අපනයනවලටත් බරපතල ආර්ථික අගතිගාමී තත්ත්වයක් ඇති වන බවත් රතු මුහුද සුවස් ඇල වැනි මුහුදු ගමනාන්ත වසා දැමුවහොත් අප රටේ මුහුදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ද පිරිවැය වැඩි වන බවත් මේ සියල්ල රටේ ආර්ථිකයට බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම් තක්සේරු කරන්න*
ඊශ්‍රායාල සංචාරකයන් 20000ක් අප රටට පැමිණියත් එය පහත වැටී ඇති බවත් ඉන්දන මිල වැඩි වීම විදේශ සංචාරකයන් අඩු වීම නිසා සංචාරක ක්ෂේත්‍රයට ද බලපෑම් සිදුවන බවත් ඊට අමතරව සෘජු විදේශ ආයෝජනවලට ද බරපතල බලපැමක් සිදුවන බවත් ආනයන වැඩි වීම නිසා සංචිතවල අඩු වීමක් ද සිදුවිය හැකි බවත් එම නිසා උද්ධමනය ඉහළ ගොස් පාරිභෝගික මිල දර්ශක වැඩි විය හැකි බවත් ඒ තුළින් ද අප රටේ ආර්ථිකයට බරපතල ගැටලුවක් සිදුවන බවත් ඒ හරහා දරිද්‍රතාව වැඩි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*රැකියා අහිමිවීම් ගැන සෙවිය යුතුයි*
රැකියා අහිමි වීම සමාජ ආරක්ෂණයට බලපෑම ආදී තත්ත්වයන් නිසා දැවැන්ත සමාජීය බලපෑමක් ද ඇති වන බවත් එම නිසා බලශක්ති සුරක්ෂිතභාවය ගැන අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති නිසා තෙල් සැපයුම්කරුවන්ගේ විවිධාංගීකරණයක් සිදුවිය යුතු බවත් ආර්ථික ක්‍රමවේද පවා වර්ධනය කර ගත යුතු බවත් මේ යුධමය තත්ත්වය තුළ මානුෂීය වාදය ගිලිහී ඇති තත්ත්වය තුළ රටක් ලෙස හැකිතාක් මැදිහත් වී මේ තත්ත්වය සමනය කර ගන්නට රාජය තාන්ත්‍රික මැදිහත්වීමකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
*අප රටට සිදුවිය හැකි බරපතල ආර්ථිකය සමාජීය හා දේශපාලන බලපෑම් ගැන පැහැදිලි තක්සේරුවක් කල යුතුයි*
ගාසා තීරයේ සිදුවන මානුෂීය ඝාතන හා රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් ජන ජීවිත විනාශ වීමේ දිග-ුවක් ලෙස මේ තත්ත්වය හැදින්විය හැකි බවත් සරනාගත ජනතාවට ලබා දෙන ආහාර නැව් පවා තමන්ගේ මිලිටරි ග්‍රහණයට ලක්වන තත්ත්වයක් තුළ පැහැදිලිවම මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් මේ යුධමය තත්ත්වය තුළ අප රටට සිදුවිය හැකි බරපතල ආර්ථිකය සමාජීය හා දේශපාලන බලපෑම් ගැන පැහැදිලි තක්සේරුවක් කල යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිසි සැලසුමකට අනුව කටයුතු කරමු
සංක්‍රමනික ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න සුබසාධනය මෙන්ම රැකියා සුරක්ෂිතභාවය ගැන ද රජය අවධානය යොමු කළ යුතු බවත් මේ මොහොතේ සිටම සැලසුමක් අනුව විවිධ බලපෑම් ගැන කටයුතු කළ යුතු බවත් ඉරාන ඊශ්‍රායාලය අතර නිර්මාණය වී ඇති යුදමය තත්ත්වය අවම කරන්න කළ හැකි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාම ක්‍රියාත්මක කරනවා සේම මැදපෙරදිග සේවය කරන අප රටේ ජනතාවගේ සුබසාධනය සුරක්ෂා කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මේ යුද්ධයේ මූලාරම්භය මෙන්ම ප්‍රමුඛතම සාධකය වන පලස්තීන ජනතාවගේ අයිතීන් එම ජනතාවට නොලැබීම බවත් පලස්තීන රටත් ඊශ්‍රායාල රටත් එකිනෙකට සාමකාමීව ජිවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.