බූලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරුම් හල් හිමියන්ට දැනුම් දී තිබේ.
පාරිභෝගිකයන් අත්තනෝමතික ලෙස ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශී වෙමින් අනවශ්‍ය තදබදයක් හෝ පෝලිම් ඇතිකරමින් කටයුතු කරන බවට වාර්තා ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බව කඳු සංස්ථාව සඳහන් කරයි.
එම සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයන් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බව පෙනී යන බවයි