මාවතගම සභාවත් උණුසුම් ගනපුර්ණය නැතුව සභාව දින නියමයක් නැතුව කල්යයි

 මාවතගම සභාවත් උණුසුම් ගනපුර්ණය නැතුව සභාව  දින නියමයක් නැතුව කල්යයි

මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා (ජුනි 17) පැවති රැස්වීම ආණ්ඩු පාර්ශ්වය රහස් ඡන්දයක් සඳහා වූ ඉල්ලීමක් හේතුවෙන් උණුසුම් විය.

 
විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීමට විරෝධය පළ කරමින් සභාව වර්ජනය කිරීම නිසා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම කල් දැමීමට සිදු විය.
 
රහස් ඡන්දයක් මගින් සභාපති ධුරය ලබා ගැනීමට ආණ්ඩු පාර්ශ්වය කුමන්ත්‍රණයක් දියත් කර ඇති බවට විපක්ෂය චෝදනා කරයි.
 
මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමේ අරමුණින් මෙම රහස් ඡන්ද ඉල්ලීම ඉදිරිපත් වූ බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.
 
 
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මාවතගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේදී ආණ්ඩු පක්ෂයට වඩා වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විපක්ෂයට හිමි විය.
 
 
මෙම පසුබිම යටතේ, රහස් ඡන්දයක් හරහා බලය ලබා ගැනීමට දරන උත්සාහය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව විපක්ෂය අවධාරණය කරයි.
 
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වර්ජනය හේතුවෙන් ඝන පුර්ණය නැති වී සභාවේ කටයුතු සිදු කිරීමට නොහැකි වූ අතර, සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය පසුවට කල් තැබීමට බලධාරීන්ට සිදු විය.

Search