කොටගල සභාව උණුසුම්… සභාපතිකම තොණ්ඩමන්ටයයි

කොටගල සභාව උණුසුම්…  සභාපතිකම තොණ්ඩමන්ටයයි

හැටන් කොටගල ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (17) දින  එම ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

 
 
එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරායා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපති රාජමනී ප්‍රසාන්ත් මහතා විවෘත ඡන්දයකින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජේසුදාසන් යහුලමාරි මහත්මියද ඒකමතිකව තේරි පත්විය.
 
කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිධූරය සදහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් රාජමනී ප්‍රසාන්ත් මහතාගේ නම සහ සමගි ජන බලවේගයේ ලෙච්චිමන් විස්වනාදන් මහතාගේ නම යෝජනා විය.
 
මෙහිදි සභාපතිධූරය සදහා නම් දෙකක් යෝජනා වූ බැවින් විවෘත ඡන්දයකින් හෝ රහස් ඡන්දයකින් සභිපත්වරයා තෝරා ගැනීමට සිදුවන බවත්, එය සභිකයන් තමන් හමුවට කැදවා විමසීමක් සිදු කර, වැඩි සභිකයින් පිරිසකගේ මතය අනුව සභාපතිවරයා තෝරා ගන්නා බවට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය පැවසීමෙන් පසු සමගි ජනබලවේගයේන් සභාපතිධූරයට නම යෝජනා වු ලෙච්චිමන් විස්වනාදන් මහතා කොමසාරිස්වරිය හමුවේ කියා සිටියේ කොළඹ මහ නගර සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේදි වෙනම නීතියකුත්, කොටගල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේදි වෙනම නීතියකට පත් කිරිමට කටයුතු කරන නිසා මෙයට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව පවසමින් ලෙච්චිමන් විස්වනාදන් මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව් දෙනා විරෝධය පාමින් රැස්වීම් ශාලාවෙන් පිටව යන ලදී.
 
 
සභාවේ සභිකයින් 12 දෙනෙකු සිටි නිසාත්, ඝණ පූර්ණය තිබුන නිසාත්, ප්‍රාදේශිය සභාවට සභාපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්දය විවෘතව පැවැතිවීමට සභිකයින් 10 දෙනෙකු එකග නිසා කොමසාරිස්වරිය විසින් ඡන්දය විවෘතව පවත්වනු ලැබීය.
 
විවෘතව පැවති ඡන්දයේදි සභාපතිධූරයට තරග කල ලංකා කම්කරු කොංග්‍රසයේ රාජමනී ප්‍රසාන්ත් මහතා ඡන්ද 10ක් ලබා ගනිමින් එම සභාවේ සභාපතිවරයා වශයෙන් තේරි පත් වූ අතර, එම සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකි සිටියහ.
 
 
කොටගල ප්‍රාදේශීය සභාවට තේරිපත් වූ සභාපතිවරයා වශයෙන් තේරීපත් වු රාජමනී ප්‍රසාන්ත් මහතා කියා සිටියේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නායක්ත්වය හමුවේ වංචාව සහ දූෂණයට තිත තබමින් කොටගල ප්‍රාදේශීය සභ බල ප්‍රදේශයට සංවර්ධන කටුයුතු රාශියක් සිදු කරන බවයි.
 
ජාතික ජන බලවේගය – 05
ලංකා කම්කරු කොංග්‍රසය – 05
සමගි ජන බලවේගය – 04
ස්වාධීන – 01
ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය – 01
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදි එක් වු අතර, එම රැස්වීමේදි ලංකා කම්කරු කොංග්‍රසට කුකුලා සලකුණින් තරගකර නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා තේරි පත්වූ සභිකයන්ගේ සහයෝගය ජාතික ජන බලවේගයට ලබා දීමටත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොටගල, ආගරපතන, නුවරඑලිය සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයටත් උප සභාපතිධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමට තීරණය වී තිබෙනවා.
 
 
මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුවයි ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාවේදි මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ.
 
එම සාකච්ඡාව අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 4ක පමණක් සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයටත් උප සභාපතිධූරය ජාතික ජන බලවේගයට ලබා දීමට ඇති වූ එකගතාවය මත කොටගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් රාජමනී ප්‍රසාද් මහතා පත් කිරිමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස් දෙනාගේ සහයෝගය (17) දින ලබා දෙනු ලැබුවා.
 
 
අනෙකුත් පළාත් පාලන ආයතනවල සභාපතිධූර ජාතික ජන බලවේගයටත් උප සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමට එම රැස්වීමෙදි තීරණය කර ඇති  බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපති කණපති කනගරාජ් මහතා පැවසීය

Search