කන්ටේනර් 323 නිදහස් කළ සිද්ධියට බිමල් අත්අඩංගුවට ගන්න’- දයාසිරි ජයසේකර

කන්ටේනර් 323 නිදහස් කළ සිද්ධියට බිමල් අත්අඩංගුවට ගන්න’- දයාසිරි ජයසේකර

රතු ලේබල් සහිත කන්ටේනර් පෙට්ටි 323ක් නිදහස් කිරීම වරදක් බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව නිගමනය කරන්නේ නම් ඒ සඳහා මැදිහත් වී කටයුතු කළ බිමල් රත්නායක අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් වහා ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළයුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පහු මේ බව පැවසුවේ, තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම සඳහා ඊයේ (ජූනි 16) එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ හෙතෙම මෙසේද කීය.

“කන්ටේනර් 323 සම්බන්ධ පුවතක් පුවත්පත් වල පළ වෙලා තිබුණා. එහි බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශය අතර තියෙනවලු මේවා මුදාහැරීම වැරදියි කියලා. ඒ කියන්නේ රතු ලේබල් සහිතව තිබූ මේ කන්ටේනර් මුදාහැරීම වැරැදියි කියලා තමා ඔවුන්ගේ නිගමනය වෙලා තිබෙන්නේ. මාවත්, ගම්මන්පිලවත් සී.අයි.ඩී. එකෙන් අපිව අරගෙන යන්න හැදුවා. කට උත්තර ගන්න. අපි ගිහින් කට උත්තර දුන්නා. පැය පහකට වැඩි කාලයක් මම කට උත්තර දුන්නා.

මේ කන්ටේනර් 323 නිදහස් කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තැබීම තමයි ඒකට හේතුව. අපි වරදක් කරලා නොවේ. මේ තොරතුරු සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීම නිසා තමයි අපිව අරන් යන්න හැදුවේ. මේ තීන්දුවත් එක්ක මේ කන්ටේනර් 323 නිදහස් කිරීම වැරදියි කියලා කියනවා නම් කරුණා කරලා දැන් බිමල් රත්නායකව අත්අඩංගුවට ගත යුතුයි. මේවා නිදහස් කළ නිලධාරීන් සියලු දෙනාට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි

Search