ප්‍රාදේශීය සභා නගර සභා බලය ගන්න අලි-පුටු පොහොට්ටු-ටෙලිෆෝන් හවුලක්

ප්‍රාදේශීය සභා නගර සභා බලය ගන්න අලි-පුටු පොහොට්ටු-ටෙලිෆෝන් හවුලක්

විප­ක්ෂ­යට බහු­තර සභික සංඛ්‍යා­වක් හිමි වූ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සඳහා ඒකා­බද්ධ විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කරන බව විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ­වල මහ­ලේ­ක­ම්වරු පව­සති.

පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් විසින් ඊයේ (12) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍ර­යේදී මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැත් විය. සමගි ජන­බ­ල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු මහ­ලේ­කම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්, පොදු ජන එක්සත් පෙර­මුණේ මහ­ලේ­කම් ලසන්ත අල­ගි­ය­වන්න, එක්සත් ජාතික පක්ෂ මහ­ලේ­කම් තලතා අතු­කෝ­රළ මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

මෙහිදී අද­හස් දැක්වූ සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා පැව­සුවේ පළාත් පාලන මැති­ව­ර­ණය වෙනු­වෙන් පොදු විප­ක්ෂ­යක් හැටි­යට ක්‍රියා කිරී­මට දේශ­පා­ලන පක්ෂ ගණ­නා­වක් එකතු වූ බවයි. ජන­තාව අපෙන් බලා­පො­රොත්තු වන අපේ­ක්ෂාව ඉටු කිරීම සඳහා ඉදිරි පළාත් පාලන කොට්ඨාස මට්ට­මෙන් අපි එකට එකතු වෙලා ජනතා අභි­ලාස වෙනු­වෙන් පෙළ­ගැ­සිය යුතුයි කියලා දේශ­පා­ලන පක්ෂ ගණ­නා­වක් තීර­ණය කළා.

ඒ අනුව අපි ආය­තන පිහිටු වීමට එකතු වෙලා තියෙ­නවා. මේ මොහොතේ මා සමග සමගි ජන බල­වේ­ගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ ලේක­ම්ව­රුන් සිටි­නවා. වතු­කරේ දේශ­පා­ලන පක්ෂ සහ මුස්ලිම් දේශ­පා­ලන සංවි­ධාන ස්වාධීන කණ්ඩා­යම් ගණ­නා­ව­කුත් මේ මොහොතේ සාකච්ඡා කර­මින් තිබෙ­නවා. ඒ සියලු දෙනාගේ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළක් හැටි­යට ඊයේ සිට ආරම්භ කළ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීමේ කට­යුතු ආරම්භ කළා. බලය පිහිටු වන්නේ ඒකා­බද්ධ විප­ක්ෂ­යක් හැටි­ය­ටයි. පොදු විප­ක්ෂ­යක් හැටි­යට යැයි ද හෙතෙම කීවේය.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ

Search