පළාත් පාලන ආයතන බහුතරයක විපක්ෂය බලය අල්ලනවා! ඒක කඩාකප්පල් කරන සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා! තිස්ස අනතුරු අඟවයි

පළාත් පාලන ආයතන බහුතරයක විපක්ෂය බලය අල්ලනවා! ඒක කඩාකප්පල් කරන සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා!  තිස්ස අනතුරු අඟවයි

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය,

‘‘මේ සතියේ සිට පළාත් පාලන ආයතන පිහිටුවිම පිළිබඳ පොදු විපක්ෂයේ එකඟතාවය ක්‍රියාත්මක කිරිම ආරම්භ කිරීමට නියමිතයි. ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක බලය ජාතික ජනබලවේගයට හිමිවෙලා නෑ. පළාත් පාලන ආයතන බහුතරයක බලය හිමි වී තිබෙන්නේ විරුද්ධ පක්ෂයේ දේශපාලන කණ්ඩායම්වලට. ඒ නිසා විරුද්ධ පක්ෂයේ පොදු එකඟතාවයක් ඇති කර ගැනිම සඳහා සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ , පොදුජන එක්සත් පෙරමුණ , මුස්ලිම් දේශපාලන පක්ෂ වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ සියල්ල සහ ස්වාධීන කණ්ඩායම් ඒකාබද්ධව වැඩකටයුතු කිරිමට අදහස් හුවමාරු කර ගැනිම සිදුකරගනු ලබනවා. ඒ අනුව පළාත් පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක් පොදු විපක්ෂය පාලනය කරන පළාත් පාලන ආයතන බවට පත් කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ගනුලබන තින්දු තීරණ ක්‍රියාවට නැංවීම සඳහා සමගි ජනබලවේගය සෘජු තිරණයක සිටිනවා. ඒ වගේම මෙම කටයුත්ත පිළිබඳව සමගි ජනබලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සියලුම දෙනා දැනුම්වත් කර තිබෙනවා.

ඒ වගේම පළාත් පාලන ආයතන රැස්වුණ පසු නගරාධිපති , උප නගරාධිපති , සභාපති සහ උපසභාපතිවරයා තෝරාගැනිම සඳහා විවෘත ඡන්ද විමසිමකින් තෝරාගත යුතුයි. ඒ සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඒ සඳහා සහාය දැක්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරමින් නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් සහ තවත් පළාත් පාලන ආයතනවල පොදු විපක්ෂය නියෝජනය කරමින් නගරාධිපතිවරයෙක් හෝ සභාපතිවරයෙක් පත් කරගැනිම සිදුවෙනවා. කෙසේ නමුත් නගරාධිපති , උප නගරාධිපති , සභාපති සහ උපසභාපතිවරයා තෝරාගැනිමේදී එම පක්ෂයේ දැනුම් දීමට අනුව ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම විවෘත ඡන්ද විමසීම හෝ
සමගි ජනබලවේගය දන්වා තිබෙන පරිදි නිලධාරින් තෝරාපත් කරගැනිම සඳහා ඒ අනුව ක්‍රියා නොකරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය නිති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහනය කරන්න හැකියාව තිබෙන මොහොතක එය කඩාකප්පල් කරන්න ක්‍රියාත්මක නොකරන ලෙස පළාත් පාලන ආයතන මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මහජනතාව ලබාදුන් ජනවාරම හරියාකාරව පිළිබිඹු කිරීම සඳහා විරුද්ධ පක්ෂයේ බහුතරයක් සිටින පළාත් පාලන ආයතනවල මහජන වරම පිළිබිඹු කර පෙන්වීම , බලය ආරක්ෂා කර ගැනීම සහ බලය පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඉරියේදී කටයුතු කිරීමට හැකි වේදිකාවක් නිර්මාණයණය කිරීමද මේ හරහා බලාපොරොත්තු වෙනවා. මේ කරුණු දෙක අරමුණු කරගෙන තමයි විරුද්ධ පක්ෂයේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමඟ අපි කටයුතු කරන්නේ. ඒ වගේම මෙහිදී සමගි ජන බලවේගය ගත් උත්සාහය අනාගතය වෙනුවෙන් සිදුකළ ආයෝජනයක්. ඒ වගේම පළාත් පාලන ආයතන වල තනතුරු බෙදා ගැනීමේ දී සහයෝගයෙන් අනෙකුත් පක්ෂ සමඟ කටයුතු කිරීමටත් සමග ජන බලවේගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සියල්ල සිදුවන්නේ විශ්වාසය මතයි. ඒ වගේම එම විශ්වාසය රැගෙන ආකාරයෙන් පක්ෂ සියල්ල තීන්දු තීරණ ගත යුතු බවත් පක්ෂ සමඟ සිදු කළ සාකච්ඡා වලදී තීරණය කරනු ලැබුවා. ඒවගේම පක්ෂ සමග ඇති කරගත් එකඟතාවේ සියයට සියයක් ආරක්ෂා කිරීමටත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමටත් සමගි ජන බලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ ගන්නා තීන්දු තීරණවලට එකඟ නොවන මන්ත්‍රීවරුන්ට විනය පියවර ගැනීමටත් එම පක්ෂ එකඟතාවය පළ කොට තිබෙනවා. ඒ වගේම ආණ්ඩු විරෝධී ඡන්ද්‍ර ප්‍රමාණය ඒකරාශී කර ගැනීම සම්න්ධයෙන් ආණ්ඩුව මේ වන විට බියට පත්වී තිබෙනවා. ආණ්ඩුවට විරුද්ධව ගොඩනැගුණු බලවේග එක වේදිකාවකට ගෙන ඒමට සමගි ජන බලවේගය ගන්නා උත්සාහයට ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්වී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ඉදිරියේදී ආණ්ඩු විරෝධී ඡන්ද ප්‍රමාණය දිනෙන් දින වැඩිවන බව ඔවුන් දන්නා නිසයි. කෙසේ නමුත් ආණ්ඩු විරෝධී ජනමතය ජයග්‍රහණය කිරීමටයි සමගි ජන බලවේගය උත්සාහ දරන්නේ.

Search