ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම ගම්මන්පිල ඉල්ලයි... ආණ්ඩුව දෙන්න බැහැ කියයි

ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම ගම්මන්පිල ඉල්ලයි... ආණ්ඩුව දෙන්න බැහැ කියයි

ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම් ලබා දෙන්න නොහැකි යයි ලිපියක් මගින් දන්වා ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 

“පසුගිය අප්‍රේල් 5 දා ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කළා. අපි තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ ගිවිසුම් හතේ පිටපත් ඉල්ලා අදාළ අමාත්‍යාංශ වලට ලිපි දැම්මා.

බලශක්ති අමාත්‍යාංශය විසින් තෙල් ටැංකි සංවර්ධනය පිළිබඳ ගිවිසුම වගේම විදුලි රැහැන් වලින් ඉන්දියාවට සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය විසින් නැගෙනහිර පලාත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ගිවිසුම අපට එවලා තිබෙනවා.

නමුත් ඩිජිටල් අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ලබා දෙන්න විධියක් නෑ කියලා ලිපියක් එවනවා.

 

එතකොට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම් අත්සන් කරන්නේ ඉන්දියාව නමින් තිබෙන රටවල් දෙකක් එක්ක ද? ඇත්තටම ඉන්දියාවට ගිවිසුම් සඟවන්න ඕනි නම් සඟවන්න ඕනි ඒ අයගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඉන්දියාව ඇතුලේ දේවල් කරන තෙල් නල ගිවිසුම සහ විදුලි රැහැන් ගිවිසුම.

ඩිජිටල් ගිවිසුම ඒ අයට බලපෑමක් නෑ. ආණ්ඩුවේ ලොකුම ප්‍රශ්නය ආයතන එකිනෙකට පරස්පරව කටයුතු කිරීමයි. ඒ නිසා ඉන්දියානු ගිවිසුම් සම්බන්ධයෙන් බොරු කියන්න ඕනි නම් කතා වෙලා එක බොරුවක් කියන්න යැයි අපි ආණ්ඩුවට කියනවා”

Search