ආණ්ඩුවට බහුතරය අහිමි වූ පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක් ඇති බවත් මෙම පළාත් පාලන ආයතනවල ආණ්ඩුවට වඩා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල එකාබද්ධ ඡන්ද ප්‍රමාණය දෙස බලන විට රටේ බහුතරයක් ඡන්දය දී ඇත්තේ විපක්ෂයේ බහුතරයට මිස මාලිමාවට නොවන බවත් එම නිසා සමගි ජන බලවේගය මුලික කර ගත් විපක්ෂයේ පක්ෂ ගණනවක් විසින් විපක්ෂයේ බහුතරයෙන් නගර සභා සහ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන ඒකමතික බහුතරයක් වෙනුවෙන් එකඟතා රැසකට එළැඹ ඇති බවත් තිස්ස අත්තනායක මහතා පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගයේ සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට උපදෙස් මාලාවක් දී ඇති බවත් මේ උපදෙස්වලට අනුව මේ ආයතනවල නගරාධිපති සභාපති උපසභාපති පත් කිරීමට විවෘත ඡන්ද ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් ඊට අමතරව මෙම ආයතනවල විපක්ෂය විසින් ආයතන ප්‍රධානීන් පත් කිරීමේ නිර්දේශිත නම් දැනුවත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගය ඒ ඒ ආයතනවල ප්‍රධානීන් පත් කිරීමට අදාලව ඡන්දය ප්‍රකාශ කරන ලෙස දැනුම් දී ඇති බවත් ඒ අනුව කටයුතු කරන ලෙස ද දැනුවත් කර ඇති බවත්,ඒ මහතා පැවසීය