හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්දගේ බිරිදවන කුෂානී නානායක්කාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් මිලියන 700ක් ඉක්මවූ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ව්‍යාපාර රැසක අධ්‍යක්ෂකවරියක් වන ඇය දීර්ඝ කාලයක සිට බදු ගෙවීම පැහැර හැර ඇතැයි චෝදනා එල්ල වී ඇත.
ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ලබා ගත් අධිකරණය නියෝගයක් මත ඇය අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේ දී පසුපස දොරෙන් පලා යාමට උත්සාහ දරා ඇතත් පොලිස් නිළධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ