ප්‍රජාන්ත්‍රවාදී පාලකයෙක් ලෙස ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දී ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිවැරදියි යැයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ
සලකන්නේ නම්, මෙරට දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව එය ප්‍රජාතන්ත්‍රවාදයට ගැසූ පා පහරක් ලෙස සලකන බව සමාජ ක්‍රියාකාරිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසයි.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (24) මහරගමදී පැවති "විකෘති පාලනයෙන් ජනතා පාලනයට" නම් සම්මන්ත්‍රණය අමතමින්.
අරගලය තුළ සටහන් කරගත් ජයග්‍රහණ තිබුණද මේ වනවිට සමාජ පුරවැසියන් ලෙස අපි අපේක්ෂා කළ සමාජ වෙනසට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කළ සාමකාමී මිනිසුන්ට පයින් ගසා ඇති බවයි ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියේ.