අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට ගාලු මුවදොර අරගලකරුවන් ගත් තීන්දුව පරිදි පසුගිය 09 වැනි දින අත්පත්කර ගනු ලැබූ ජනාධිපති මන්දිරය
යළි රජයට භාරදෙමින් එහි රැඳී සිටි පිරිස අද (14) දින ඉවත්ව ගියහ.
ඉවත්ව යාමට පෙර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය වෙනුවෙන් එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් අරගලකරුවන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනධිපති ගෝඨාභය රාජපක්ෂව රටින් පිටමන් කිරීමට මෙන්ම ලොව සරණක් නැති තත්ත්වයකට පත් කිරීමට අරගලයට හැකිව තිබෙන අතර ජනතා හඬට කන් නොදෙන්නේ නම් යළි පාලකයන් දණ ගැස්වීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවයි.