බලලෝභීත්වය වෙනුවෙන් මෙරට සන්නාමය ලෝකය ඉදිරියේ හෑල්ලු වීමට ඉඩ ලබාදුන්නොත් සිතා ගැනීමට පවා නොහැකි දරුණු විනාශයකට අප ඇද වැටේවි
යි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.
එබැවින්, ජනතා මතයට ඇහුම්කන් දී සිය තනතුරුවලින් ඉල්ලා අස් වන ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගෙන් ඔහු ඉල්ලීමක් කර සිටින්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
"මේ රට අපේ. අපේ දරුවන්ගේ. මේක මගේ නෙවේ. බලලෝභීත්වය වෙනුවෙන් මේ රටේ සන්නාමය ලෝකය ඉදිරියේ හෑල්ලු වෙන්න දුන්නොත් අපි ඉවරයි. එතකොට මේ නැව අපි ඔක්කොමත් එක්ක ගිලෙනවා. අපිට හිතාගන්නවත් බැරි දරුණු විනාශයකට අපිව එතකොට වැටේවී.
මේනිසා, මා ගෝඨාභය රාජපක්ෂගෙන් සහ රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින්නේ වහාම තමන් දරන තනතුරු වලින් ඉවත්වී මේ ජනතා මතයට ඇහුම්කන් දෙන ලෙසයි. මේ රට ලේ විලක් කරන්න එපා. මා ත්‍රිවිධ හමුදාවේ සොයුරන්ගෙන් ඉල්ලන්නේ කිසිවිටෙකත් ජනතාවට මේ අවස්ථාවේ අවි ඔසවන්න එපා. අපේ රට එදා වගේම අදත් රැකගැනීමේ වගකීමක් ඔබට තිබෙනවා. ඒ වගේම අපි වෙනදාටත් වඩා වගකීමෙන් අපේ රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට කැපවෙමු."