රටේ සාමය පවත්වාගෙන යෑමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී
ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ එක මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, රටේ ඇතිව තිබෙන අර්බුධකාරී වාතවරණය සාමකාමීව සහ ව්‍යවස්ථානුකූලව නිරාකරණය කරගැනීම අතිශයින් වැදගත් බව යි.
ත්‍රිවිධ හමුදාපතිවරුන් වන යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ද එම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.