වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් මේ වනවිට ගාල්ල නගරයේ විවිධ ස්ථානවල විරෝධතා
පැවැත්වේ.
ප්‍රකාශනයේ නිදහසට වැට බඳින ආණ්ඩුවට එරෙහිව ගාලු කොටුව ආසන්නයේ එලෙස විරෝධතාවයේ නිරත වූ නීතිඥ සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසකට ද අද (1) පොලිසිය විසින් බාධා එල්ල කරනු ලැබිය.
බාධා කිරීමට ඇති නීතිමය වලංගුභාවය ගැන නීතිඥවරුන් ප්‍රශ්න කිරීම හමුවේ පොලිසිය කියා සිටියේ ජාතික ආරක්ෂාව හේතුකොටගෙන ගාලු ක්‍රීඩාංගනය ආසන්නයේ විරෝධතා පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවයි.