අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.
මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා අදහස් පල කිරීමේ දී එවක කතානායක චමල් රාජපක්ෂ ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.
"මේ කතානායකවරයා මෙතන වාඩිවෙලා ඉන්නවා මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ" යි සරත් ෆොන්සේකා එහිදී ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ කියා සිටියේ "තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි," යනුවෙනි.
මෙම වචන හුවමාරුව දුරදිග යාම නිසා ඇතිවූ නොසන්සුන්කාරී තත්වය මත සභාවේ කටයුතු විනාඩි 5කට අත්හිටුවීමට කථානායක මහින්ද යපා අබේවර්ධන කටයුතු කළේ ය.