රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සහ මාධ්‍යවේදී ආරිය ගමගේ අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබෙනවා.
මහ මාර්ගයේ සිදුවන රිය අනතුරු පසුගිය වසර දෙක තුල දී වැඩිවී ඇති බවත් රටේ අරාජික තත්වයක් තිබේ නම් ප්‍රතිපලය එවැන්නක් බවත් සභාපතිවරයා ප්‍රකාශ කළ අතර එහිදී මාධ්‍යවේදියා විමසූ පැනයක් වචන හුවමාරුවට මුල්වී තිබුණි.