දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව ලබාදී ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සහ එම කොමිසමේ සාමාජිකයන්, නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, අල්ලස් කොමිසම, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බව වාර්තා වන්නේ.
පෙත්සම්කාර අනූර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කිහිපයකට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි කිහිපයක් විභාග කළ දේශපාලන පළිගැනීම් කොමිසම විසින් තමන්වද එම චෝදනාවලට වගකිව යූතු පුද්ගලයෙකු බවට කර ඇති නිර්දේශ පිළිගත නොහැකි බවයි.