වන සංහාරයට විරෝධය එල්ල කරමින් ඇඳි සිතුවමටත් අත තියයි..!

වන සංහාරයට විරෝධය එල්ල කරමින් ඇඳි සිතුවමටත් අත තියයි..!

කොළඹ නෙළුම් පොකුන මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර ඇති පරිසර හිතකාමී බිතුසිතුවමක් පරිසර පොලිස් ඒකකය විසින් අද ඉවත් කර තිබේ.

වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ යෞවන අංශය විසින් පින්තාරු කරන ලද බිතුසිතුවමක් ජාත්‍යන්තර දේශගුණික ක්‍රියාකාරී දිනයට සමගාමීව ඉදිකරන ලදි.

එය වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ තරුණ අංශය විසින් සංවිධානය කරන ලද ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයේ කොටසකි.

ශ්‍රී ලංකාව පුරා පෙර නොවූ විරූ පාරිසරික විනාශයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ව්‍යාපාරය සංවිධානය කර තිබුණා.

කොළඹ මහ නගර සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමයේ යෞවන අංශය විසින් එම බිතුසිතුවම් සකස් කර එම ස්ථානයේ ප්‍රදර්ශනය කිරිමට කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් පරිසර ඒකකයේ ප්‍රධානියා එම ස්ථානයට ගොස් එම බිතුසිතුවම අනුමැතියකින් තොරව ඉදිකර ඇති බව වාර්තා කර ඇත.

එහි ප්‍රථිපලයක් ලෙස පොලිස් පරිසර ඒකකයේ මැදිහත් වීමෙන් එම බිතුසිතුවම සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

ඩේලි මිරර් පුවත්පතට අනුව, ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් අනුව එම බිතුසිතුවම් ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

News Wire

161059811 2191838774282404 2194314433988854243 n

160007757 2277904352378687 8718801547996900476 n

 

Search