20ට සහය දෙන්න රිෂාඩ් ආණ්ඩුවට එකතු වෙයි ද?

 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන්නේ ද? නැති ද?

යන කාරණය පිළිබඳව සිය පක්ෂය සමඟින් සකච්ඡා කර තීන්දුවකට එළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් ප්‍රකාශ කර තිබෙනවා.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.

මාධ්‍යවේදියා : 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට සහය දීම සඳහා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 20 දෙනෙක් පමණ එකතු වෙනවා කියලා තියෙනවා. ඒ අතර ඔබතුමාගේ නමත් මුලින්ම තියෙනවා?

මම පක්ෂ නායකයෙක්. අපිට වෙනම පක්ෂයක් තියෙනවා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරු 4 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 20 සංශෝධනයේ සමහර ඒවා ගැන එකඟතාවයක් තිබුණට සමහර ඒවා ගැන එකඟතාවයක් නැහැ. මේ ගැන ආණ්ඩුවෙන් කවුරුත් අද වනතුරු අපිත් එක්ක සාකච්ඡා කරලා නැහැ. අපේ පක්ෂය ඒවා බලලා තමයි තීන්දු කරන්නේ.

 

Search