රටකට නායකයෙක් ඕන හැබැයි නායකයට මොළේ තියෙන්නත් ඕන - චන්ද්‍රිකා

රටක් පාලනයට නායකයෙක් අවශ්‍ය වන නමුත් නායකයා වශයෙන් පත්වෙන පුද්ගලයාට සියල්ලට පෙර රට කිරීමට දැනුම තිබිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවස යි.

එසේ නොමැති පුද්ගලයෙක් අතට බලය ලැබුණොත් අති භයංකර කාලයක් උදා වනු ඇතැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර තිබුණි.

"එක පුද්ගලයෙක් ඡන්දයෙන් පත්වුණ පලියට මේ ඔක්කොමට ටික අතට ඩැහැගෙන මම තමයි රජා කියලා කරන්න පටන් ගත්තොත් මෙය අති භයංකරයි. ඒ පුද්ගලයාට පස්සේ කවුද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ පුද්ගලයට වැඩිය අන්ත හයානක හිට්ලර් කෙනෙක් එන්න පුළුවන්. අපේ රටේ හැම මහනායක කෙනෙක්ම කිව්වේ හිට්ලර් කෙනෙක් ඕන කියලා අපිට. මට නම් ඒක ලොකු කම්පනයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හාත්පසින්ම විරුද්ධ, ධර්මය කෑලි කෑලි වලට ඉරන කතාවක් ඒ කිව්වේ. හිට්ලර් කියන්නේ මේ ලෝකයේ අහිංසක මිනිසුන් ලක්ෂ 300ක් මරපු කෙනෙක් ඔවුන්ගේ ජාතිය විතරක් පදනම් කරගෙන. එහෙම කෙනෙක් අපේ රටට අවශ්‍යයි කියලා මහනායකතුමෙකුත් කිව්වා. ඒ නිසා අපේ රටේ ජනතාව විශේෂයෙන් අපේ රටේ තරුණ පරපුර දැනගන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුණොත් රටකට වෙන දේවල්. අපිට නිදහසේ ජිවිත් වෙන්න බැහැ. නිදහසේ කතා කතාකරන්න බැහැ."

"එක පුද්ගලයෙක්ට බලය අවශ්‍ය නැහැ රටක් පාලනය කරන්න. රටක් පාලනය කරන්න අවශ්‍ය නායකයෙක්. ඒ පුද්ගලයාට ඉස්සරවෙලාම මොළේ තියෙන්න ඕන, ලෝක ඉතිහාසය සහ තමන්ගේ රටේ ඉතිහාසය ගැන දැනුමක් තියෙන්න ඕන, රාජ්‍ය පාලනය ගැන දැනුමක් තියෙන්න ඕන, කළමනාකරණ කුසලතා තියෙන්න ඕන, කෑ ගහල මම කිව්වා නිසා මේක කරන්න ඕන කියනවා නෙවෙයි තමන්ගේ අදහස හරි නම් සාකච්ඡා කරලා අදහස එතනට ගෙන්න දැනගන්න ඕන. ටිකක් කල් යනවා තමයි කරන්න දෙයක් නැහැ. මේක මගේ නියෝගය තොපිලා කරපල්ලා කියනවා වෙනුවට සාකච්ඡා 4ක් 5ක් තියන්න මාසයක් යයි. ඒ නිසයි මම කියන්නේ එක පුද්ගලයෙක්ගේ අතකට මෙය ගන්නවා කියන එක අති භයංකර යි."

Search