රාහුල් ගාන්ධි ඉන්දීය පොලිස් අත්අඩංගුවට
හිටපු ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි අද (01) උත්තර ප්‍රදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සිය පාක්ෂිකයන් සමඟින් හත්රාස් නම් නගරයට පාගමනින් ගමන් කරමින් සිටිය දී පොලිසිය විසින් ඔවුන් නවතා ඇත්තේ පුද්ගලයින් සිව්දෙනකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්කසුවිම වළකමින් පනවා තිබු නීති කඩකිරීම නිසා ය.
සිය නිවාස ආසන්නයේ දී පුද්ගලයින් සිව් දෙනකු විසින් දරුණු වද හිංසා පමුණුවා ලිංගික අපයෝජනය කර, දිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය 19 හැවිරිදි දාලිත් වංශික තරුණිගේ පවුල මුණගැසීම සඳහා ඔවුන් මෙසේ පාගමනින් පැමිණ තිබුණි.