ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පුවත්පතක ' නායකf ' කතුවරයකුට දැනට මාස කිහිපයක පටන් උන්හිටි තැන් අමතක වන තරමටම' සරා' ගේ බැල්ම වැටී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව දැන් දිනපතා මල්සරාගේ දුනු ඊතල රැගෙන සේවයට පැමිණෙන ඔහුගේ ඊතල පහර වැදී ඇත්තේ ' බප..සරා' ට බවද පැවසේ.
මෙම ' බප..සරා' දුනු ඊතල කෙළියෙහි අත්දැකීම් බහුල තැනැත්තියක බවද තවදුරටත් වාර්තා වේ.
වත්මන් රජය යටතේ උසස්වීමක් ලබා ඉහත කතුවරයා යටතේ පවතින පුවත්පතේ සේවයට පැමිණ ඇති ඇයගේ ආගමනයෙන් දෙමසක් තුල මේ දෙදෙනාගේ දුනු ඊතල කෙළිය ඇරඹී ඇත.
ලේක්හවුස් ආයතනය තුලම පිහිටි රජය සමග සබදතා පවත්වන දෙපාර්තමේන්තුවක කළින් සේවය කළ ඇය එහිදී දුනු ඊතල කෙළි පිළිබදව මනා ප්‍රවීණත්වයක්ද ලබා ඇත.
කතුවරයාගේ හා මෙම ' බප.. සරා'ගේ දුනු ඊතල කෙළිය නිසා පුවත්පතේ කටයුතු දිනෙන්දින අඩාල වෙමින් පැවතීම පිළිබදව මේ වනවිට ලේක්හවුස් ඉහළ පාලනාධිකාරිය වෙත පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වෙයි.