දකුණු ඉරානයට ඉහළින් ඇමරිකානු F-15 ප්‍රහාරක යානයක් කඩා වැටීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් පවතින පසුබිමක, ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ලෙබනනයේ බේරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, පසුගිය පැය 24 ඇතුළත බටහිර සහ මධ්‍යම ඉරානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර 70කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසන බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
ඉරාන අගනුවර වෙත යළිත් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති අතර, ඉරානයේ බැලස්ටික් මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ නියමුවන් රහිත යානා (UAV) මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍රය | බීබීසී