ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලට මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් නතර කරනු ලබන පරිශයට මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ඉරාක ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.


මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැඟී තිබේ.

කෙසේ වෙතත්, ඉන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්ෂිත දිස්ත්‍රික්කයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙයි.

මේ අතර, ගුවනේදී විනාශ කෙරුණු කොටස් වැටීමෙන් ඩුබායි හි නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබේ.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධියෙන් කිසිදු ගිනි ගැනීමක් හෝ තුවාලකරුවන් පිළිබඳව වාර්තා නොවන බවයි.


මුලාශ්‍ර :

Iran war live: US bombs Iran’s Kharg Island, warns oil facilities next

Missile strikes helipad in US embassy compound in Iraq, AP reports

missile-attack-on-us-embassy-helipad-in-iraq

Search