ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළට එල්ල වී ඇති දැවැන්ත බලශක්ති සැපයුම් කම්පනය පාලනය කිරීම සඳහා, ඉතිහාසයේ නොවූ විරූ ලෙස බොරතෙල් බැරල් මිලියන 400 ක සංචිතයක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පියවර ගෙන ඇත.
බදාදා (11) දින රැස්වූ IEA හි සාමාජික රටවල් 32 ම මෙම තීරණය සඳහා ඒකමතිකව එකඟතාව පළ කර ඇත.
මෙය එම සංවිධානයේ ඉතිහාසය තුළ උපායමාර්ගික තෙල් සංචිතයකින් (SPR) සිදු කරන විශාලතම සාූහික මුදා හැරීම ලෙස සැලකේ.
මෙම පියවර හරහා තෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට බලාපොරොත්තු වුවද, මැදපෙරදිග බලශක්ති අපනයන මාර්ග තවදුරටත් අවහිර වී පැවතුණහොත් මෙයින් ලැබෙන සහනය සීමිත වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
මූලාශ්‍ර
Historic oil reserve release is only a band-aid on a gaping supply shock
newstube.lk