ඉරාණයෙන් ඊශ්‍රයාලයට බැලැස්ටික් මිසයිල ප්‍රති ප්‍රහාරයක්

ඉරාණයෙන් ඊශ්‍රයාලයට බැලැස්ටික් මිසයිල ප්‍රති ප්‍රහාරයක්

ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් අද (28) උදෑසන ඊශ්‍රායලය සහ ඇමරිකාව එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මේ වන විට ප්‍රබල බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.


වාර්තාවන පරිදි මෙය බැලස්ටික් මිසයිල 30ක පමණ ප්‍රහාරය, “Shield of Judah” මෙහෙයුමට එරෙහිව එල්ල වූ ප්‍රබලතම සහ වේගවත්ම ප්‍රතිප්‍රහාරය ලෝක සාමය අනතුරේ හෙළන සංඥා නිකත් කරර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙහිදී ඉරානය සිය ‘ෆටා-1’ (Fattah-1) වැනි අධිවේගී මිසයිල භාවිතා කර ඇති බවය.  ඉන් කිහිපයක් ඊශ්‍රායලයේ ‘හයිෆා’ තෙල් පිරිපහදු සංකීර්ණය සහ වැදගත් හමුදා කඳවුරු ඉලක්ක කර ඇති බව වාර්තා වේ.

2025 06 13T185611Z 1352841734 RC2T1FA0M0MK RTRMADP 3 IRAN NUCLEAR ISRAEL 1024x683 1

ඊශ්‍රායලයේ ‘ඇරෝ’ (Arrow) සහ ‘ඩේවිඩ්ස් ස්ලින්ග්’ (David’s Sling) වැනි බහු ස්ථර ආරක්ෂක පද්ධති මගින් මිසයිල බොහොමයක් අහසේදීම විනාශ කිරීමට සමත් වුවද, ජනාකීර්ණ නගර අසලට පතිත වූ මිසයිල කොටස් හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවත්, පුද්ගල තුවාල ලැබීම් කිහිපයක් වාර්තා වී ඇති බවත් සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ ඊශ්‍රායල රෝහල් තම මෙහෙයුම් කටයුතු  භූගත ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති බව වාර්තා කරයි.  ඊශ්‍රායලය පවසන්නේ ඉරාන ප්‍රහාරයේ ප්‍රබලත්වය අනුව තවදුරටත් දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.


මෙම මිසයිල රැල්ල  මුදාහැරීමත් සමඟ හයිෆා (Haifa) සහ උතුරුදිග ඊශ්‍රායලයේ බොහෝ නගරවල ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සංඥා (Sirens) නාද වෙමින් පවතින බව ඊශ්‍රායල හමුදා මූලස්ථානය තහවුරු කරයි. ඉරානය පවසන්නේ මෙය ඊශ්‍රායලයේ “පූර්වභංග ප්‍රහාරයට” එරෙහි පළමු ප්‍රතිචාරය පමණක් බවයි.

ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් විසින් රට පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පැය 48ක හදිසි තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කර ඇත. සියලුම පාසල් සහ අත්‍යවශ්‍ය නොවන සේවා ස්ථාන වසා දමා ඇති අතර, සිවිල් වැසියන්ට වහාම බෝම්බ ආරක්ෂිත කුටි (Bomb Shelters) කරා යොමු වන ලෙස හමුදාව දැඩි උපදෙස් ලබා දී තිබේ. මේ අතර, ඊශ්‍රායලයේ ‘අයිරන් ඩෝම්’ (Iron Dome) සහ නවතම ‘අයිරන් බීම්’ (Iron Beam) ලේසර් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

මිසයිල ප්‍රහාරයන්ට සමගාමීව දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව දැවැන්ත සයිබර් ප්‍රහාර දියත් කරමින් සිටින බව නිරීක්ෂණය වේ. ඉරානයේ අන්තර්ජාල සබඳතා සහ ජංගම දුරකථන ජාල පද්ධති රැසක් මේ වන විට අඩපණ වී ඇති අතර, එය ඊශ්‍රායල සහ ඇමරිකානු සයිබර් මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ආරක්ෂක අංශ සැක කරයි.

ට්‍රම්ප් කතා කරයි…


Screenshot 2026 02 28 at 1.33.02 AM 1024x640

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ මිසයිල තර්ජනය සම්පූර්ණයෙන්ම ඉවත් කරන තෙක් මෙම “ප්‍රධාන යුද මෙහෙයුම්” (Major Combat Operations) අත්නොහරින බවය. කෙසේ වෙතත්, රුසියාව සහ චීනය ඇතුළු රටවල් මෙම හමුදාමය මැදිහත්වීම හෙළා දකිමින් සිටින අතර, කලාපීය මහා යුද්ධයක් වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සටන් විරාමයක් සඳහා ඉල්ලා සිටියි.


ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් දෙකම තම ගුවන් කලාප සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා ඇති බැවින් ජාත්‍යන්තර ගුවන් ගමන් දහස් ගණනක් අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ.


lankasara | කපිල කේ හීනටියන)


වැඩිදුරටත් විස්තර

සජීවී ; එක්සත් ජනපදය ඉරානය තුළ 'මහා සටන් මෙහෙයුම්' දියත් කර ඇතැයි ට්‍රම්ප් තහවුරු කරයි


මුලාශ්‍ර :

israeli defense forces say they have detected missiles fired from iran

Sirens sound across Israel amid Iranian ballistic missile attacks; Netanyahu says Israel, US launched strikes to ‘remove existential threat’ posed by Iran

Live Updates: U.S. Attacks Iran as Trump Calls for Overthrow of Government

Search