එක්සත් ජනපද හමුදා සිරියාවෙන් ඉවත් වෙති. කොන්දේසි සහිත ගිවිසුම් ප්‍රකාරව එම පියවර ගත් බව එක්සත් ජනපදය පවසයි.
එරට රැඳී සිටින 1000කට අධික එක්සත් ජනපද හමුදා භටයින් සියල්ල ඉවත් කෙරෙන බව, වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) හිද වාර්තාකර තිබේ.
මතුවිය හැකි අයිසිස් (ISIS) ත්‍රස්ත තර්ජන පිටු දැකීමේ අරමුණින් එහි එක්සත් ජනපද හමුදා ස්ථාපිත කිරීමට පියවර ගැනිණි. එහෙත්, දේශ සීමා හි එම තර්ජනයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට සිරියාව සිය හමුදා යෙදවීමට කැමැත්ත පළ කිරීම මත එක්සත් ජනපද හමුදා එරටින් ඉවත් වීමට තීරණය කළහ.
ඉකුත් සතියේ එක්සත් ජනපද හමුදා, සිරියාවේ උපාය මාර්ගික කඳවුරකින් මුළුමනින්ම ඉවත් වූහ. ඒ, කඳවුරේ පාලනය සිරියානු හමුදා වෙත පැවරීමෙන් අනතුරුවය. එක්සත් ජනපදය සහ සිරියාව අතර ද්වී පාර්ශ්වීය සබඳතා තර කිරීමට ද පියවර ගෙන තිබේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2/19/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
මුලාශ්‍රය :
Some US troops departing Syria, official says
[theleader.lk]