චාලි කර්ක් ඝාතනය කෙරේ

චාලි කර්ක් ඝාතනය කෙරේ

ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ චාලි කර්ක් එරට විශ්වවිද්‍යාලවල එළිමහන් විවාද පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා තිබූ අයෙක් වන අතර ඇමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රශ්න කිරිම්වලදී ඔවුන් වෙඩි තැබීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බැවින් නිදහස් කර තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ඝාතනය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සිය සංවේගය පල කර තිබෙන අතර ඔහු සඳහන් කර ඇත්තේ “මේ කුරිරු ඝාතනය ගැන තමා ශෝකයෙන් හා කෝපයෙන් පිරී ඇති” බවත් චාලි කර්ක්ගේ ඝාතනය “ඇමෙරිකාවට අඳුරු මොහොතක්” බවත් ය.

එමෙන්ම අමෙරිකා ධජ ලබන ඉරිදා සවස 6.00 වන තෙක් අඩකුඹු කිරීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇති බවද වාර්තා වෙයි.

ඝාතනයට ලක් වූ චාලි කර්ක්ගේ 31 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකු බවත් ඇමරිකානු බුද්ධි අංශ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ

Search