ජපාන අගමැති ෂිගේරු ඉෂිබා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ, තම පක්ෂය ලැබූ මැතිවරණ පරාජයන්හි වගකීම තමන් භාරගනිමින් තමා ඉල්ලා අස්වන බව ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා තිබේ .
68 හැවිරිදි ඉෂිබා එරට වේලාවෙන් අද (07) සවස 6.00ට පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී සිය තීරණය දැනුම් දුන්නේය
ජපාන අගමැතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමට ගෙන තිබූ තීරණය බොහෝ විදෙස් රටවල මාධ්‍ය මගින් පෙන්වා දුන් පසුව ඒ ගැන විශාල කතා බහක් ඇතිවී තිබේ ජපාන ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මේ තීරණය හේතුවෙන් මතුවනු ඇතැයි එම විදෙස් වාර්තා වල පෙන්වා දී ඇත ..
ඉකුත් ජූලි මාසයේ පැවති ජපාන මැතිවරණයෙන් සිය ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ප්රමුඛ සන්ධානය පරාජය වූයේ නොසිතු විරු ලෙසය .
අගමැති ෂිගේරු ඉෂිබා මේ පිලිබඳ දැඩි ලෙස කල්පනා කර තිබිණි
කෙසේ වෙතත් ජීවන වියදම ඉහළ යෑම හේතුවෙන් සිය ඡන්දදායකයින්ගෙන් එල්ල වූ පීඩනය, අමෙරිකානු වෙළෙඳ ගිවිසුම වැනි හේතුද ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට බලපා ඇති බව වාර්තා වේ .