වායු දුෂණයෙන් ඇමරිකාවේ 91,000ක් මිය යන බවට වාර්තාවක්

වායු දුෂණයෙන් ඇමරිකාවේ 91,000ක් මිය යන බවට වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව සිදුවන මරණ 91,000කටම හේතු වනුයේ ඉන්ධන හා ගෑස් කර්මාන්තශාලා හරහා ඇතිවන වායු දූෂණය බව ඉකුත් සිකුරාදා (22) නිකුත් කර ඇති ‘සයන්ස් ඇඩ්වාන්සස්’ නමැති විද්‍යා සඟරාවේ පළ කර ඇති නවතම පර්යේෂණ වර්තාවක දැක්වේ. එම වාර්තාවට අනුව වායු ගෝලයේ තිබෙන නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ඕසෝන් ඇතුළු සෙසු අනතුරුදායක වායු දූෂක අංශු හේතුවෙන් අදාළ මුල් අවධියේ සිදුවන මරණ සිදු වේ. වායු දූෂණය හේතුවෙන් ඇමරිකාවේ සිදුවන මරණ 91,000ට අමතරව වාර්ෂිකව දෙලක්ෂ දාසය දහසක් වායු දූෂණය හේතුවෙන් හටගන්නා ඇදුම රෝගයට ද, 1610ක් දෙනා පිළිකා රෝගයට ද ගොදුරු වන අතර නොමේරූ දරු උපත් 10,350ක් ද ඒ හේතුවෙන් සිදුවන බව අදාළ පර්යේෂණ වාර්තාවේ දැක්වේ. ඇමරිකා එක්සත් ජනපදය ලොව විශාලතම ඉන්ධන හා ගෑස් නිෂ්පාදකයා වන අතර ගල් අඟුරු භාවිත කරන රටවල් අතර ද ඉදිරියෙන් සිටින රටකි. අදාළ ෆොසිල ඉන්ධන වර්ග තුන ගෝලීය වශයෙන් හරිතාගාර වායුන් නිකුත් කිරීමට හේතුවන ප්‍රධානතම මූලාශ්‍රය වී ඇති බව විද්‍යාඥයෝ පවසති

Search