චිලී වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීමක්

චිලී වෙරළ තීරයට සුනාමි අනතුරු ඇඟවීමක්

නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොණදිග පැසිෆික් සාගරය සම්බන්ධ වන ඩ්‍රේක් පැසේජ් හි අද (22) ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

දකුණු අමෙරිකාවේ කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාවේ දකුණු ෂෙට්ලන්ඩ් දූපත් අතර පිහිටා ඇති ඩ්‍රේක් පැසේජ්, නිරිතදිග අත්ලාන්තික් සහ ගිනිකොනදිග පැසිෆික් සාගර සම්බන්ධ කරන ගැඹුරු සහ පළල් ජල මාර්ගයකි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන පරිදි එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 7.5ක් පමණ වේ.

මෙම භූකම්පනයෙන් පසුව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති වුවත්, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC)විසින් චිලී වෙත අනතුරු ඇඟවීමක් නිකුත් තිබේ.

ඒ අනුව ඉදිරි පැය තුන තුළ චිලී වෙරළ තීරයේ ඇතැම් ස්ථාන වෙත සුනාමි රළ කඩා වැදිය හැකිය

Search