සෙලෙන්ස්කි හා ට්‍රම්ප් අතර හමුව අද...සෙලෙන්ස්කිගේ සහායට යුරෝපීය නායකයින් අමෙරිකාවට ....

සෙලෙන්ස්කි හා ට්‍රම්ප් අතර හමුව අද...සෙලෙන්ස්කිගේ සහායට යුරෝපීය නායකයින් අමෙරිකාවට ....

Update-යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද (18) ධවල මන්දිරයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට යුරෝපීය රාජ්‍ය නායකයින් ද එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.


ඒ අනුව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අද (18) වොෂින්ටනයට යාමට නියමිතය.

එමෙන්ම යුරෝපීය සංගමයේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේන් හා නේටෝ මහලේකම් මාර්ක් රූට් යන අයද මේ සඳහා එක්වනු ඇත.


රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ඉකුත් සිකුරාදා (15) පැවැත් වූ සාකච්ඡාවේ කරුණු දැනගැනීම සඳහා සෙලෙන්ස්කි මෙලෙස අමෙරිකාවට යාමට නියමිතය.


මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන සහ යුරෝපා රටවල නායකයින් කිහිප දෙනෙකු සමගම දුරකතන සාකච්ඡාවක් ද පවත්වා තිබේ

Search